කාන්තා දිනය පටන් ගත්තේ මෙහෙමයි…

women's-day

හැදිමිටේ දිගකට නුවණ තක්සේරු කරමින් කාන්තාව මුලුතැන්ගෙට පමණක් සීමා වූ යුගයක් අතීතයේදී පැවැතුනි. ජෛව විද්‍යාත්මකවත් ඇය අපිරිසිදු තැනැත්තියක් වූවාය. දරුවන් වදන්නට සහ ඔවුන් ඇති දැඩි කරන්නත්, ස්වාමියාගේ මෙහෙවර ඉටු කිරීමත්, එයින් අනතුරුව දරුවන්ගේ මුනුපරන් රැකබලාගැනීමත් ඇගේ භූමිකාව ලෙසින් සැලකුනි. එහෙත් කාලයත් සමග ඇය මෙම භුමිකාව අතික්‍රමනය කරන්නනට වූවාය.

1955 වසරේ මොන්ටිගෝමර් නගරයේ ඇගලුම් කම්හලක සේවිකාවක වූ “රෝසා පාර්ක්” සිය සේවා මුරය අවසානයේ බස් රියකට නැංගාය. මේ කාලයේදී ඇලබාමා ප්‍රදේශයේ සුදු කලු භේදය ඉතා උත්සනන් යුගයකි. ඒත් බසයේ හිස්ව තිබුන අසුනක වාඩි වීමට අවසරයක් හෝ සුදු කලු ප්‍රශ්නයක් නැතැයි සිතූ රෝසා එහි වාඩිවූවාය. ටික වේලාවකින් එතැනට පැමිණි පුද්ගලයෙක් විමසා සිටයේ…

” ඇයි උඹ මෙතැන වාඩි වුනේ..

ඉඩ තිබුනා වාඩි වුණා..වැරැද්ද මොකක්ද..?

උඹ කලු ජාතිකයෙක්..

මම දන්නවා..ඉඩ තිබුනා…” රෝසා සෙල් පිලිමයක් සේ නොසැලී සිටියාය.

බසයේ සිටි සුදු ජාතිකයන් ඇයට ‍දොස් නගන්නට විය. පොලිසිය පැමිණ ඇය අත්අඩංගුවට ගත්තාය.රෝසා සිරදඩුවම් ලබද්දී මාර්ටින් ලූතර් කිං සුදු කලු අරගලය දියත් කරන්නට විය. ඒ රෝසා පාර්ක් වෙනුවෙන්ම පමණක් නොවේ. සුදු කළු භේදයට එරෙහි වූ සටනට එතැනින් මුල පුරන ලදී.

ඇමරිකානු සමාජවාදී පක්ෂය විසින් 1911 මාර්තු මාසයේ 19 වැනි දින ලෝකයේ පළමු වතාවට කාන්තා දිනය සමරන ලදී.1848 වසරේ කැරැල්ලේදී ප්‍රසියානු රජතුමා විසින් ජනතාවගේ ශක්තිය තේරුම් ගත් දිනය මාර්තු 19 වැනි දින ලෙසින් සැලකූ අතර ජනතාවගේ දෙවැනි ජාත්‍යන්තර ස්මමේලනය 1910 වසරේ කෝපන්හේගන්හි පවත්වන ලදී. මෙම සම්මේලනයට කාන්තාවන් සියයක් පමණ සම්බන්ධ විය. ඒ අතර පින්ලන්තයේ පාර්ලිමේන්තුවට පත්ව සිටි ප්‍රථම මන්ත්‍රිවරියන් තිදෙනා ඇතුළු වෘත්තීය සමිති සමාජවාදී පක්ෂය වැඩකරන කාන්තාවන්ගේ සංගම් නියෝජනය කරමින් රටවල් 17 ක කාන්තාවන් සම්බන්ධ වූහ. 1975 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාර්තු 8 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස පිලිගන්නා ලදී. චීනය, ආර්මේනියාව, බල්ගේරියාව, බෙලරුසියාව,කීර්ගස්තානය, කසකස්තානය, මෝල්ටෝව, මොන්ගෝලියාව, යුක්රේනය,උස්බෙකිස්තානය, වියට්නාමය, තජිකිස්තාන් සහ අසර්බයිජානය වැනි රටවල් මාර්තු 8 නිවාඩු දිනයක් බවට පත් කර ඇත.

ඒත් කාන්තාව වෙනුවෙන් දිනයක් තිබුනත් තවමත් ඇය මුල් කර ගෙන සමාජගතව ඇති අදහස් වෙතින් අපට ඇති වෙන්නේ කාන්තාව තවමත් යම්තාක් දුරකට පුරුෂාධිපත්‍යයට නතුව සිටින බවයි.

කාන්තාව ඔනෑම දුකක් දරා ගත යුතුයි

අද සමාජ පිළිගැනීමට අනුව කාන්තාවක් යනු ඕනෑම දුකක් දරා ගැනීමට හැකියාවක් තිබෙන චරිතයකි. මතුපිටින් ඇය සුකොමල ලෙසින් පෙනුනද ජෛව විදයාත්මකව ඇය දරනුයේ පහසු වේදනාවක් නොවේ.මේ නිසාම ඇය මුල් කර ගෙන සැම විටම ගොඩ නැගී ඇති සංකල්පය වන්නේ කාන්තාව යනු දුක දරා ගැනීමේ හැකියාව ඇති චරිතයක් බවයි. මේ නිසාම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේදී පවා කියන්නේ ගැහණියක් වුනාම දුක දරා ගෙන වුනත් පවුල් කෑ යුතු බවයි. එහෙත්… බිරිඳට ආදරයෙන් සලකමින් ඇගේ ආරක්ෂව සලසමින් ඇයට දයාර්ද්‍රව ‍කටයුතු කළ යුතුයැයි පිරිමියාට කිසිවෙකුත් කියන්නේ නැත. දරා ගත නොහැකි තැනකදි වුව පවුල කඩා ඉහිරි ගිය විටත් දොස් නගන්නේ කාන්තාවටම පමණි.

පිරිමි පින්වන්තයි

අපේ සමාජයේ පිලිගැනීමට අනුව පින්කර උපත ලබන්නේ පිරිමින්ය. එහෙත් මේ තුළ කිසිදු විද්‍යාත්මක සත්‍යක් නැත. පෙරිදග ජන සමාජයේ පවතින මෙම සංකල්පය අනුව පිරිමියෙකු වී කාන්තාවක් මතු ආත්මයේදි හෝ උපත ලැබීමට නම් පිරිමියෙකුගෙන් වරම් ලැබිය යුතුය. ඒ තරමටම කාන්තාවගේ ඇගයීම අද අවතක්සේරුවට පත්ව ඇත.මේ පිලිබඳව සිතන විට අපේ රටට වුව පූජණීය වස්තුන් බොහොමයක් රැගෙන ආවේ කාන්තාවන්ය. බුදුරජාණන්වහන්සේගේ ශ්‍රි දන්තධාතුන් වහන්සේ මෙරටට රැගෙන ආවේ හේමමාලාවන්ය. කෙස් කළඹේ සගවා ගෙන ඇය මෙරටට වැඩම කළ දළදා වහන්සේ අද බෞද්ධයන්ගේ මුදුන්මල්කඩයි. අනුරපුරේ ජයසිරිමහ බෝධිය ලංකාවට වැඩම කරනු ලැබුවේ සංඝමිත්තා තෙරණියයි.

එහෙත්…. , දළදාවහන්සේගේ ගිහි භාරකාරත්වය හිමි දියවඩන නිලමේ තනතුර වෙනුවෙන් ඡන්දය ලබා දෙන පරිපාලන සේවාවේ නිළධාරින් අතරට කාන්තාවන්ගේ සහභාගිතවයක් නැත. ඒ වෙනුවෙන් අයිතිය ඇත්තේ පරිපාලන සේවයේ පිරිමි නිළධාරින්ට පමණි.

පිරිමින්ට ඕනෑම වරදක් කිරීමට පුලුවන්

කුමර සහ කුමරි බඹසර යනුවෙන් රැකිය යුතු සමාජ සම්මත පිලිගැනීම් තිබුනත් පිරිමි දරුවා කිනම් වරදක් කළත් පය සෝදා ගෙට ගත හැකිය. එහෙත් ගැහැනු දරුවා එසේ නොව එතැන් පටන් ඇය අපිරිසිදු චරිතයකි. විවාහයකදී වුවත් පරික්ෂා කරන්නේ ඇගේ පිරිසිදුබව පමණි.

පවුලේ ගෘහමුලිකයා පිරිමියාය

පවුලක දරුවන් වදන්නීය කාන්තාවයි. ඇය වදන දරුවන් වෙනුවෙන් වූ රක්ෂාව සහ රැකවරණය ලැබෙන්නේ පිරිමියා විසින්ය. එහෙත් ඇතැම් පවුල්වල සමස්ත ආදායම් උපයා දරුවන් රක්ෂා කරන්නේද කාන්තාවයි. එහෙත් පිරිමියා පවුලේ ගෘහමුලිකයා වේ. එහෙත් ගෘහුලිකත්වයට ගැලපෙන කටයුතු ඔහුගෙන් සිදු වෙන්නේද නැත. මේ සියල්ල දරා ගෙන කාන්තාව කටයුතු කිරීම අද අපේ සමාජයේ පවා සුලබ තත්වයක් වී ඇත.

ඒ නිසා අපි කැලැන්ඩරයේ සටහනට අනුව හැම වසරකම මාර්තු 8 වැනි දින කාන්තා දිනය සමරනු ලැබේ. ඒ තත්වය දැන් අනිවාර්ය සංසිද්ධියක්ව ඇත. එදිනට අපි කාන්තාවගේ වටනාකම ගැන කථා බහ කරමු. සම්මන්ත්‍රණ, උත්සව බොහෝය. වට්ටම් සහ වෙනත් තෑගි බෝග ලබා දෙන ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතුද අඩුවක් නැත. කෙසේ හෝ මෙදින ගෙවී යත්ම නැවතත් පැමිනෙන්නේ පෙර තැනටමය.

කාන්තාවන් වෙනුවෙන් දිනයක් වෙන් කිරීම මුල් කර ගෙන අතීතයේ පවා බොහෝ දෙනා චෝදනා නගන්නට වූහ. ඔවුන් පිරිමින් හා සමතැන ඉල්ලනවා යැයි දොස් නැගූහ. මේ නිසා බස් රථයක පවා කාන්තාව වෙනුවෙන් අසුනක් පවා ලබා දෙන්නනට පිරිමින් අකමැති යැයි කථා බහ කරන්නට වූහ. සමතැන ගැන කථා කරනවා නම් අපි වගේම කාන්තාවන්ටත් බසයේ හිට ගෙන යන්න පුලුවන් වෙන්න ඕන.. ඒත් කාන්තාවන් කථා කරන්නේ පිරිමින් සමග සම තැන නොවේ.. ඇයට හිමි නිසි තැන පමණි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here