කාන්තාවන් මුල් කර ගත් ගෘහස්ථ ප්රචන්ඩත්වය නිසා මහත් අසීරුතාවයට පත් ඔවුන් පැමිණි දුක පැනි රසයි කියල හිතේ වේදනාව දරා ගෙන ඉන්නවා. තවත් අය ගෙයි ගිනි පිටතට නොදෙන්න එපායැ කියමින් තමාගේම හිත සනසා ගන්නවා. කොහොම වුනත් කාන්තාවන් මුල් කර ගත් නිවස තුළ තිබෙන තාඩන පීඩන අද ප්‍රසිද්ධ රහසක්.
මේ විදිහට නිවසේ ඇති වෙන ප්රචන්ඩත්වයට හේතු කීපයක් සමාජ විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. ඒවා ඔවුන් මේ විදිහට වර්ග කලා. ආර්ථික අපහසුතාවය බේබදුකම අනාචාරයේ හැසිරීම ලිංගික ගැටලු මේ තත්වයන් එක් එක් පුද්ගලයාගෙන් වෙනස් වෙනවා.
කාන්තාවන් අතරින් බොහොම දෙනෙක් මේ තත්වය දරා ගෙන සිටිනවා. තමන්ගේ කුලගෙය රැකගන්න අවශ්‍ය නිසා මේ විදිහට නිහඬව සිටීම වෙනුවට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බැට් පිත්තක් අරගෙන යෑම ඉන්දියාවේ මනාලියන්ට දැන් පුලුවන්. මේ බැට් පිත්ත ඔවුන්ගේ මංගල්‍ය උත්සවය අවස්ථාවේදී ලබා දෙනවා. පසුගිය දිනක ඉන්දියාවේ පැවැති උත්සවයක මේ බැට් පිති ප්රදානය සිද්ධ වුණා.
තමන්ගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර ගැනීමට අපහසු කාන්තාවන් හත්සියයක් වෙනුවෙන් සමූහ විවාහ මංගල්‍ය උත්සවයක් සංවිධානය කරනු ලැබුවා. එහිදී මහ ඇමති “ගෝපාල් බාර්ගවා” සදහන් කරනු ලැබුවේ මෙම බැට් පිත්ත ලබා දෙන්නේ කුලගෙය තුළ පීඩාකාරීව හැසිරෙන ස්වාමිපුරුෂයන්ට එරෙහිව මිසක සමස්ත ස්වාමිපුරුෂයන් වෙනුවෙන් නොවන බවයි. නිවස තුළ අනවශ්‍ය ලෙසින් ප්රචන්ඩත්වය ඇති විට බැට් පිත්ත පාවිච්චි කිරීමට අවසරය තිබෙනවා. රෙදි ඇපිල්ලීමට ගන්නා මෙම බැට් පිත්ත සෙ.මි 40 ක් පමණ දිගයි. එහි මේ විදිහට සටහන් කරන ලද වගන්ති තිබෙනවා. බේබද්දන්ට එරෙහිව භාවිතයට ගැනීම සඳහාය….පොලිසිය මැදිහත් වෙන්නේ නැහැ….
තව දුරටත් අදහස් ඉදිරිපත් කළ ගෝපාල් බාර්ගවා කියා සිටියේ ගම්බද ප්‍රදේශවල තිබෙන ගෘහස්ථ ප්රචන්ඩත්වයට එරෙහිව මෙම බැට්පිත්ත ලබා දුන් බවයි. ඒ වුනත් බැට් පිත්ත තිබුනාටම භාවිතය ආරම්භ කළ යුතු නැහැ.මුලින් සාකච්ඡාව මගින් සමතයක් ගොඩ නගා ගන්න. ඒ විදිහට විසඳමක් නොලැබෙනවා නම් පමණක් භාවිතා කරන්න…මහඇමති ගෝපාල්ගේ අදහසයි.මේ ගැන අදහස් ඉදිරිපත් කරමින් තවත් විචාරකයන් පෙන්වා දෙන්නේ විවාහය සමග අතට ලැබෙන බැට් පිත්ත නිසා පවුල තුල අනවශ්‍ය ප්රචණ්ඩත්වයක් ගොඩ නැගීමට ඉඩ ඇති බවයි.
ඉන්දියාව වැනි පෙරදිග සංස්කෘතියේ ශික්ෂනය ලබන ඉන්දියාව වැනි රටවල පවතින සංකල්පය වන්නේ ගෙයි ගින්දර ගෙයි ඇතුලතම නිවා ගත යුතු බවයි. කැත්තට පොල්ල මෙන් සංකල්පය එතරම් උචිත නැහැ.ප්‍රංශ පුවත් සේවයට අදහස් ඉදිරිපත් කරන ගෝපාල් කියා සිටින්නේ බීමත් සැමියන් විසින් පවුලට කිසිම සහයෝගයක් නොදක්වන විට තවත් ඉවසා සිටිම සාධාරණද යන්නයි. ඔවුන් බිරිඳ උපයන මුදල පවා අනවශ්‍ය ලෙසින් නාස්ති කරති. ඒ නිසාම දැන් ඔවුන් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය බවයි.
ඉන්දියාවේ කාන්තාවන්ද අපි හිතන තරමටම පුරුෂයන්ගේ අණසකට දැන් අවනත නැහැ. අධ්‍යාපනය තුලින් ලද පන්නරය නිසාත් පිරිමින්ගේ දැන උගත්කම් වෙනුවෙනුත් අවධානය යොමු වීමට දැන් පටන් ගෙන තිබෙනවා. මේ වෙනුවෙන් හොද උදාහරණයක් ඉන්දියාවේ රසුද්බාල් ගම්මානයෙන් වාර්තා වෙනවා.මනමාලයාට ගණිතය බැරි නිසා විවාහය දිනයේදීම ඇය විසින් මනාලයා ප්රතික්ෂෙප කරනු ලැබුවා.
මනාලියගේ පියා මොසාර් සිං නම් වුන අතර මනාලිය ලව්ලි නමින් අපි හදුන්වමු. ඇය අතිනත ගැනීම සිටි මනාලයාගේ නම “රාම් බරන්” චාරිත්‍රානුකූල මංගල්‍ය සිරිත් ආරම්භ වෙන්නපෙරාතුව ලව්ලි මනාලයගේ කණටකරමින් ගණිතය ගැන ඉතා සුලු පැනයක් ඇසුවා.
පහලොවයි හයයි කීයද…මනාලයා නිරුත්තර වුනා .ඉතාම සරල ගණිත එකතුවක්වත් බැරි මනාලයා සමග ජීවිතය ගොඩ නගා ගැනීමට තමා අදහස් නොකරන බව ලව්ලි කියා සිටියා.පියා දියණියගේ ඉල්ලීමට එකඟ වුනා. එහෙත් මංගල සභාවේ ඇති වුන විරෝධතාවය අවසාන වුනේ පොලිසියේ මැදිහත් වීමෙන් දෙපාර්ශවයේ තෑගි බෝග නැවත ඔවුන්ටම ලබා දමින්.
තවත් කාන්තාවක් විවාහයට පෙරාතුව ඉල්ලා සිටියේ තමා ගැබ දරණ කලලය ගැහැඛු දරුවෙකුගේ වුනොත් එය ගබ්සා නොකරන බවට සහතික වෙන ලෙසයි. මේ අනුව පිරිමින්ගේම අණසක ඉදිරියේ අවනත වෙනවාට වඩා නුවනින් සලකා බලා තීන්දු තීරණ ගත යුතු බව දැන් ඉන්දියානු සමාජයේ පවා පිලිගෙන තිබෙනවා.
හරියානා ප්‍රාන්තයේ බිලාවල් ගම්මානයේ සිදු වුන මංගල උත්සවයකදී මනාලියගෙන් අපූරු ඉල්ලීමක් තිබුනා. ඇය ඉල්ලා සිටියේ ගැහැණු දරුවන් එකලොස් දෙනෙකුට මනාලයාගේ වියදමින් අධ්‍යාපනය ලබා දිය යුතු බවයි. “පුනම්” යනුවෙන් හැදින්වුන මෙම මනාලිගේ පියා ගුරුවරයෙක් වූ අතර ඇය අත ගත් මනාලයා වූයේ සංදීප් කුමාර නැමැත්තෙක්. මනාලිය අධ්‍යාපනය දියුනු කිරීම වෙනුවෙන් යොමුව ඇති සමාජ ක්‍රියාකාරිනයක වූවාය.විවාහ දිනයේ මේ අන්දමින් නිර්භය ලෙස තමාගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට තරම් ප්‍රබල කාන්තාවන් පිරිසක් ඉදිරියේ බැට් පිත්ත ලබා දීම යනු වඳුරාට දැලි පිහිය ලබා දුන්නාට සමාන බව බොහෝ දෙනාගේ අදහසයි.