යුද්ධයෙන් බැට කෑවේ සිංහල ජනතාව පමණක් හෝ දමිල ජනතාව පමණක් හෝ නොවේ.විව්ධ ජාති ආගම් සියල්ල අභිබවමින් බුර බුරා නැඟි යුද්ධය ගැන ගලපන්න පදවැල් තිබුනත් එහි සැබෑ තත්වය දන්නේ යුද්ධයට මුහුණ දුන් අය ය .එහි දුක දන්නේ යුද්ධය අත්දුටු අය ය.යුද්ධයේ ගිනිදැල් වලින් දකුණ රත් වෙද්දී,දැවෙද්දී,අළුවෙද්දී උතුර අළුවී හමාරය.දශක තුනකට ආසන්න කාලයක් යුද්ධය ජාති ආගම් භේදයක් නැතිව ගිලගත් සොඳුරු මිනිසුන් මෙන්ම වටිනාකම් නොදුටු සොඳුරු පාරිසරික ඓතිහාසික ස්ථාන අදටත් නටබුන් වී මතක් කරන්නේ එදා ඒ යුද්ධයේ තිබු භයානක තත්වයයි.යුද්ධයෙන් මුළු මහත් ජනතාවට නැතිව ගිය වටිනා දෑ අතර උතුරු දුම්රිය මාර්ගය කාලයක් යනතුරුම පැවතියේ සිහිවටනයක් ලෙසින් පමණය.
උතුරු දුම්රිය මාර්ගය සම්බන්ධ වන්නේ පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙනි.කිලෝ මීටර් 339 ක දුර ප්‍රමාණයකින් සමන්විත මෙහි පොල්ගහවෙල සිට වවුනියා දක්වා දුම්රිය ස්ථාන 55ක් තිබෙනවා.1894 වසරේ විවෘත වූ උතුරුකර දුම්රිය මාර්ගය ශ්‍රිලංකාවේ දිගම දුම්රිය මාර්ගයයි.කුරුණෑගල,අනුරාධපුර,වවුනියා, යාපනය ආදී ප්‍රධාන නගර හරහා මෙම දුම්රිය මාර්ගය වැටි තිබෙනවා.1900 වසරේදී කුරුණෑගල සිට කන්කසන්තුරෙයි දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරිම සඳහා ටෙන්ඩර් අනුමත කල අතර 1902 වසරේදී කන්කසන්තුරෙයි-චාවකච්චේරි කොටස ජේ.ඩබ්ලිව්.රිජ්වේ ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත වනවා.චාවකච්චේරි-පලෙයි කොටස ද විවෘත වන්නේ 1902 අග භාගයේදී. අනුරාධපුර මැදවච්චිය සම්බන්ධ වන්නේ 1904 සහ 1905 වසරවලදී.සම්පුර්ණයෙන් කටයුතු අවසන් වූ පසු ප්‍රථම දුම්රිය ගමන සිදුවන්නේ 1905 අවුරුද්දේ.ඒ කොටුව සිට යාපනය දක්වා ය.පැය 13 ක් විනාඩි 20ක් මේ සඳහා ගතවී තිබෙනවා.කන්කසන්තුරෙයි-වවුනියා තනි මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන 16ක් සහ උප දුම්රිය ස්ථාන 12ක් පිහිටුවා තිබෙනවා.
සුප්‍රසිද්ධ යාල්දේවි දුම්රිය ගමන් ගන්නේ මෙම දුම්රිය මාර්ගයේය.උතුරේ මිනිසුන් මෙන්ම දකුණේ මිනිසුන් ද සියලු දෙනාම පාහේ සිය රාජකාරී,පුද්ගලික ගමන් කටයුතු වලට පවා භාවිතා කලේ මෙම දුම්රිය මාර්ගයයි.එමනිසා මෙය හුදෙක් ත්රස්තවාදීන් එල්ල කල ඉලක්ක ලැයිස්තුවේ තිබුනේ පෙරමුනකයි.ඉතින් යුද්ධයේ කුරිරු බව නිසාම අපට මේ සුන්දර දුම්රිය මාර්ගය අහිමිවන්නේ 1990 සිටය.(හැබැයි යුධ වකවානුවේද වවුනියාව දක්වා දුම්රිය ගමන් සිදුවුනා.) කෙසේ නමුත් යුධ ජයග්‍රහණය සමඟ නැවත 2009 වසරේ උතුරුකරය සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගය සහ ඉදිකිරීමේ කටයුතු ආරම්භ විය.
“සෙනෙහසක තොටුපල”
යුද්ධයෙන් පසු අලිමංකඩ ඇතුළුව කිලිනොච්චි-පලෙයි දුම්රිය මාර්ගය ඉදිකිරීම් කටයුතු අවසන් කලේ 2014 වසරේදී.ඉතින් සෙනෙහසක තොටුපල ලෙසින් ජනතා අයිතියට අලුත් මුහුණුවරකින් පත්වුයේ මේ “අලිමංකඩ” දුම්රිය ස්ථානයයි.
මෙම දුම්රිය ස්ථානය විශේෂ වන්නේ යුද්ධයෙන් විනාශ වූ උතුරු දුම්රිය මාර්ගය ජනතා සහයෙන් ගොඩනැඟීමේ “උතුරු මිතුරු” ව්‍යාපෘතිය අනුව ශ්‍රීලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ගුරුවරුන්ගේ ආධාර ඇතුව සහජීවනය සහ සංහිඳියාව වෙනුවෙන් තිලින කල දුම්රිය ස්ථානය වීම නිසයි.මේ සඳහා කැපකළ රුපියල් මිලියන දෙකක මුදලින් මිලියනයක්ම පරිත්‍යාග වී ඇත්තේ රටේ අනාගත පරපුර සහ ගුරුවරුන් මඟිනි. ඒ අනුව 2009න් ඇරඹි මෙම උතුරු මිතුරු ව්‍යාපෘතිය ඔස්සේ අධ්‍යාපන අමාත්‍යංශය “සෙනෙහසක තොටුපල” ලෙසින් හඳුන්වා දුන් අලිමංකඩ දුම්රිය ස්ථානය 2016 ඔක්තෝබර් මස ජනතා අයිතියට පත්වුනා.දුම්රිය ස්ථානය විවෘත කිරීමේ මොහොතට පෙර උතුර දකුණ යා කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 500ක් පමණ රැගෙන අනුරාධපුර සහ යාපනය වෙතින් පැමිණි දුම්රිය දෙකක් සෙනෙහසක තොටුපලේ නතර වීම විශේෂත්වයකි.
ආදරය,සහජීවනය,එකමුතු බව ළමුන් අතරේ පමණක් නොව වැඩිහිටි අප අතරේද යා කරන්නට සෙනෙහසක තොටුපල පමණක්ම ප්‍රමාණවත් නැත.යුද්ධයට පෙර කාලයේ මෙන් හදවතින්ම සාමය අගයන යුගය සම්පුර්ණයෙන් උදාවන,ලැබූ නිදහස සාමකාමිව භුක්ති විඳීම සියල්ලන්ම අගය කරන දිනක දී පමණක් මුළු සිරිලකම “සෙනෙහසේ තොටුපල” ලෙසින් ලොවම අරුත්ගන්වනු ඇත.එය අපේ එකම පැතුමයි.