සමාජ ජාල වල සැරිසරද්දී කොමික් එකක් දැක්කා. නයාට සමාන පදයක් ඇහුවම ළමයෙක් දුන්නු උත්තරය තමයි ශිවන්යා කියලා….ඒක විහිළුවක් වුනත් සිනහ උපදවන්නක් වුනත් දුක ඒ පිටුපස හැංගිලා තියෙන තිත්ත ඇත්ත රටේ බහුතරයකට තේරුම් ගන්න බැරි එකයි …අමුතුවෙන් කියන්න ඕනේ නෑ මේ ටෙලිනාට්‍ය ළමා මනස කොයිතරම් කාලද කියන එක ගැන.ඔබ අප හැමදෙනාම අතර මේ ටෙලිනාට්‍ය මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව මොකක්ද? මෙච්චර මනස විකෘති කරනවා කියලත් මේ ටෙලිනාට්‍ය සමාජයෙන් බැහැර නොවෙන්නේ ඇයි? මේ පිටුපස තියෙන්නේ ඉතින් ඛේදවාචකයක්ම තමයි…..
අසුව අනුව දශකයේදී තිබුනේ නාලිකා අතලොස්සක්….අනික ටෙලිනාට්‍ය දැන් වගේ හැමදාම ටෙලිකාස්ට් වෙන්නෙත් නෑ.ඒත් ඒ කාලේ රුපවාහිනියේ ගුවන්විදුලියේ තිබුණු කොලිටි එක දැන් ටික ටික අඩුවෙනවා කියන එක අපි පිළිගන්න දෙයක්.මේවායේ හුදෙක් අරමුණ වෙළඳාම යි. සමාජ සත්කාරයක් වුනත් වාසියක් නැත්නම් කරන්නේ නැහැ.පැවැත්මට මුදල අවශ්‍ය වුනාට මිනිසාගේ බුද්ධිය සහ වින්දනයත් එක්ක කරන ගනුදෙනුවේදී මාධ්‍යය මිට වඩා ස්වයං වාරණයක් තබාගන්න ඕනේ. කොහොම වුනත් මාධ්‍ය වල මේ උපායට කියන්න වෙන්නේ නම් tantalizing කියලා.
දැන් රටේ ජනතාවට හඳුනාගත නොහැකි තරමටම රුපවාහිනී නාලිකා,ගුවන් විදුලි නාලිකා තියෙනවා..මුදලට විකිනුණු සංඛ්‍යාත තමයි හුඟක් ගුවන් විදුලියේ තියෙන්නේ..හවස හයේ ඉඳන් දහය වෙනකල්ම තියෙන්නේ ටෙලිනාට්‍ය..හොඳ වැඩසටහනක් වෙනුවෙන් විනාඩි 15ක් වගේ වෙන් කරන මාධ්‍ය මෙගා ටෙලි වෙනුවෙන් පැය 4ක් විතර වෙන් කරනවා…marketing..marketing…දැන් නාලිකා හුඟක් අදායම හොයන්නේ මේ ටෙලිනාට්‍ය ඔස්සේ දාන වෙළඳ දැන්වීම් වලින්..රස වින්දනයට කියල පැය බාගයක් විතර යන මේ ටෙලි නාට්‍ය අතරේ තුනෙන් එකක් විතරම ගුවන් කාලය වෙන් කරන්නේ වෙළඳ දැන්වීම් වලට…හඬ කවා විකාශය කරන විවිධ මෙගා ටෙලිනාට්‍ය අපේ ටෙලිනාට්‍ය අබිභවා යන්නේ මේ ටෙලිනාට්‍ය වල තියෙන වෛවර්ණ ඇඳුම්,චාරිත්‍ර වගේම වෙනස් ටෙලි රාමුව නිසයි…ඉතින් අපි කොච්චර කිව්වත් කවුරුත් රස වැටෙන්නෙත් ඒවාටම තමයි නේ…
ඒ කාලයේ අපි අසාවෙන් බැලුව ටෙලිනාට්‍ය තිබ්බා. හිරුට මුවාවෙන්,වෙද හාමිනේ,යශෝරාවය,ලාහිරු දහසක්,නිදිකුම්බා මල්,දිමුතු මුතු,දු දරුවෝ,නෑදෑයෝ,සුසීමා වගේ ටෙලිනාට්‍ය අද විකාශය වුනත් අන්න ඒ හරවත් ටෙලිනාට්‍යයක් කියන වර්ගයට ඒවා අයිති නිසා.අපි බලමු එහෙම වෙන්නේ කොහොමද කියල…
යශෝරාවයේ අම්මා ගේ චරිතය සැබෑ අම්මා ව මතුකරනවා.දරුවොන්ට කන්න දීලා කුස්සියට ගිහින් දන්කුඩ බෙදාගෙන කන අම්මාව ඒ දරුවෝ දකින්නේ නැහැ නෙමේ…දැක්කත් නෑ වගේ ඉන්නවා…ගෙදර සීනි නැහැ කිව්වම එහෙනම් අපිට සීනි අතට අරන් දරුවොන්ට සීනි දාන්ඩ කියල උන්ට කතාකරන්න යද්දී දරුවෝ හොරෙන් කෑම කනවා දකින තාත්ත දුවල ගිහින් කඩෙන් බනිස් අරන් එන්නේ හාමිනේත් එක්ක කන්න…ඒත් මේ මුකුත් නොදන්නා වගේම දැනගත්තත් ගණන් නොගනීවි කියල අපිට හිතෙන තරමටම ” අනේ මේක කපල එයාලට දෙමු” කියල හාමිනේ ඒවත් අරන් දරුවෝ ගාවට යනවා.. අම්මා තාත්තා අඟ හිඟකම් මැද්දේ වුනත් නිහඬව පෙන්වන දරු සෙනෙහස නොදකින..දැක්ක නොදැක්ක වගේ ඉන්න දරුවෝ අතරේ සිය දෙමව්පියන් වෙනුවෙන් යමක් කරන්න හිතන්නේ මේ කෘතිය ලියන බලදේව නම් චරිතය… මොනවා වුනත් කොච්චර අඟහිඟකම් ආවත් පරම්පරාව,පෙන්ෂන් රස්සාව එක්ක තාමත් රෙස්පෙක්ට් එක තියාගෙන ඉන්න අම්මගෙයි තාත්තගෙයි “යශෝරාවය” එක්ක තමයි මේ කතාව ගලාගෙන යන්නේ…දු දරු සම්බන්ධතා සහ මාපියන්ගේ සැබෑ ආදරය ගැන ආදර්ශයක් ගන්න පුළුවන් මේ වගේ ටෙලිනාට්‍යයක් දැන් කාලයේදී විකාශය වෙනවද කියන එකත් සැකයක්.
මේ කතාවේ අම්ම තාත්ත අතර තියෙන්න ඕනේ බැඳීම ගැන යහපත් අදහසක් අපිට ලබාදෙනවා…කොච්චර කිව්වත් දැන් අපිට බලන්න වෙලා තියෙන්නේ මෙගා ටෙලි තමයි..මේ මෙගා ටෙලි වලින් ගන්න පුළුවන් දේ හිතෙන්නේ මෙහෙමයි…
- සාරි සහ මේක් අප්..
- සැමියාට සිය බිරිඳ ඉන්නකොට වුනත් තව ගැහැණු ගෙන්වා ගත හැකි වීම..
- ඕනෙම වේශයක් අරන් ඉන්න පුළුවන් වීම..
- දෙවියන්ට ඕනෙම දෙයක් කල හැකි වීම..
- කතාව අගට යද්දී මුල මැද අමතක වීම…
- සර්ප්‍රයිස් පාර්ටි සතියකට වතාවක්වත් තිබීම…
- කතාව නවත්තන්න ඕනේ තරම් පුළුවන්කම තියෙද්දී කොහෙන්දෝ තව සීන් එකක් සම්බන්ධ කිරීම…
- එක එක චරිත වැඩිවීම…සංකීර්ණ වීම..
- පලිගැනීම හොඳ දෙයක් යැයි පෙන්වීම..
ඉතින් මෙහෙම තව තව ගොඩක් කියන්න පුළුවන්…දවසක් වුනත්…
දැන් ඔබට භාරයි…දැන් එන ටෙලි දාහකට වඩා එදා ආව එක ටෙලිනාට්‍යයක් වුනත් කොයිතරම් හරවත් ද කියල හිතන්න…බහුතර වගකීම ප්රේක්ෂකයටද?මාධ්‍යයටද ?