පරිසරය වගේම අලුත් පුද්ගලයන් හඳුනගන්නත්, නවමු අත්දැකීම් ලබාගන්නත් හොඳම ක්‍රමයක් තමයි කඳවුරු බැඳීම නැත්නම් camping කියන්නේ.
ඒත් camping වල ඊට එහා ගිය සෞඛ්‍යවත් බලපෑමක් තිබෙන බව ඔබ මිට කලින් අසා නොතිබෙන්නත් පුළුවන්. අන්න ඒ ගැනයි womanly.lk අද කතාකරන්නේ…..තාරකා යට අපූරු රාත්‍රියක් ගතකිරීමෙන් ඔබේ සිතේ ඇතිවන නිස්කලංක බව නිවසේ හෝ නවාතැනකදී ලබාගන්නට බැහැ.
කඳවුරු බැඳීම නැත්නම් camping කෙතරම් හොඳයිද කියලා බලන්නකෝ…..
1. ) විටමින් D
camping වලදී ඔබට හිරු එළියත් එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න පුළුවන්කමක් ලැබෙනවා.වැඩිපුර හිරු එලිය ලැබෙනවා කියන්නේ සිරුරට ලැබෙන විටමින් D ප්‍රමාණයත් වැඩිවෙනවා කියන එකයි.එමෙන්ම එය අස්ථි ශක්තිමත් කරන්නත් බොහෝ සෙයින් උපකාරී වෙන දෙයක්. ඒවගේම මනසත් නිරවුල් වෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවනේ ෆ්‍රෙෂ් වෙනවා කියලා. එහෙත් අවදානම් දෙයක් තමයි අනවශ්‍ය හිරු කිරණින් ඇතිවිය හැකි චර්ම රෝග. එයට පිළියම තමයි සැමට ගැලපෙන sun screen එකක් භාවිතා කිරීමයි.
2.) ව්‍යයමයකටත් එක්ක camping හොඳ ක්‍රියාකාරකමක්
ඔබ එදිනෙදා කටයුතු වලදී වැඩිය වෙහෙසෙන්නේ නැති, එක තැනකට වෙලා වැඩකරන වැඩිය ඇවිදින්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට පවුලේ අය සමඟ , නැතිනම් දරුවන් සමඟ එක තැනකට කොටු වී සිටින කෙනෙකු වෙන්නත් පුළුවන්. එහෙනම් එයට කදිම විසඳුමක් තමයි කඳවුරු . මෙහිදී ඔබ අලුත් තැන් සොයා ඇවිදිනවා. බොහෝ විට කඳු නගින්නත් සිදුවෙනවා. එවිට ඔබ ඔබේ ශක්තිය වැය කරනවා වගේම අනවශ්‍ය මේදය දහනය වෙනවා. ඔබේ සිරුර එක අරමුණක ක්‍රියා කිරීම නිසා අවධානය නිරවුල්ව එක් දෙයකට පමණක් එකවරකදී යොමුවෙනවා. එමෙන්ම නම්‍යශීලී බවත් වැඩිකරනවා.
3.) ඔබව සතුටින් තියන්න camping වලට පුළුවන්
දිගු දුරක් ඇවිදීම, යහළුවන්, පවුලේ අය සමඟ , ප්‍රියයන් සමඟ කතාකිරීම වැනි ක්‍රියාවන් තුලින් ඔබට සැහැල්ලුවක්, සතුටක් ලැබෙන බව ඔබ දන්නවද? ඇත්තටම එය කරන්නේ අපේ සැහැල්ලුව සතුට ඇතිකරන්න උදව්වෙන රසායනිකයක් වන සේරොටෝනින් මඟීන්. සේරොටෝනින් ඇතිවෙන හේතුකාරකයන් අපට ඉබේම ලැබෙන නිසා තවත් පහසුයි. එනම් හිරුඑළිය, පිරිසිදු වාතාශ්‍රය (ඔක්සිජන්) සහ කායික ක්‍රියාකාරකම් වගේ දේවල් සේරොටෝනින් වලට උත්තේජක වෙන නිසා ගතවන හැම මොහොතක්ම ඔබ සතුටින් ගතකරන්නට පෙළඹෙනවා.
4.) සුව නින්දක්, සුව දිවියක්
මේ තවත් වාසියක්. ඔබ අඩුවෙන් නිදාගන්න කෙනෙක් නම් camping වලින් එම තත්වය මඟහරගන්න ඔබට හැකියි. වැඩියෙන් වෙහෙස වන නිසා, උදෙන් අවදි වී ඇවිදින්නට යාමට හැකිවන නිසාත්, රාත්‍රියේ නිදාගැනීමට වැඩි කාලයක් ලැබීම නිසාත් ඔබ රාත්‍රියේ හොඳින් නිදාගෙන උදෙන්ම අවදිවෙන්නට පුරුද්දක් ඇතිකරගන්නවා. අපි ගෙදරදී නම් බල්බ වල එළියෙන් කෘත්‍රිම ආලෝකයට හුරුවී අපේ නින්ද, අවදිවීම එයට අනුව හැඩගස්වා ගන්නවා. නමුත් ස්වභාවික තත්වයන් හමුවේ සිරුර ප්‍රබෝධවත් වන්නේ ස්වාභාවධර්මයට අනුගත වීමෙන් පමණයි. එනිසා camping එයට හොඳ අවස්ථාවක්.
5.) ප්‍රශ්න විසඳගන්නත් හොඳ උපක්‍රමයක්
අපි camping යන්නේ තනිවම නෙවේ. කණ්ඩායමක් ලෙසයි. එවිට විවිධ අභියෝග වලට මුහුණදෙන්න සිදුවෙනවා. ඉක්මනින් නිවැරදි තීරණ ගන්න අපට සිදුවෙනවා. කාලය කළමනාකරණය කරගන්න සිද්ධවෙනවා. ඒවගේම අවධානම් වලට සාමූහිකව හෝ තනිව මුහුණදෙන්නත් සිදුවෙනවා. ඉතින් එය පුද්ගලිකව අපේ ජිවිතවලට එන ප්‍රශ්න වඩා හොඳින් විසඳගන්න හැකියාව ලබාදෙන කදිම විසඳුමක් නොවේද?
6.) දරුවන්ට හොඳ ඉගෙනුම් මෙවලමක්
ඉගෙනුම් මෙවලම් කියන්නේ භෞතික දේවල්ම නෙමේ.. දරුවෙකුට ඉගෙනගන්න පොත පත, පරිගණකය, ස්මාර්ට් ෆෝන් එකට වඩා ස්වභාව ධර්මය හොඳ පාඩම් කියා දෙනවා. camping වලදී අලුත් මිතුරු මිතුරියන් මුණ ගැසීම වගේම අලුත් පරිසරයන්ට හුරුවීම, ඔරොත්තු දීමේ හැකියාව,සාමූහිකව තීරණ ගැනීම, නායකත්ව කුසලතා, අන්‍යයන් හා සුහදව ගනුදෙනු කිරීම වගේ මානුෂීය ගුණාංග ඇතිකරගැනීමට දරුවන්ට අවස්ථාව ලැබෙනවා. එය අනාගත පරපුර පරිසර හිතකාමීන් බවට පත්කරනවා මෙන්ම “මානුෂීය නායකයන්” බවටත් ඔවුන්ව පරිවර්තනය කරනවා.
අප සිතනවා camping තුල ඔබට ධනාත්මක චින්තනයක් ඇතිකරගන්න හැකිවුනා කියලා. මොකද හිතෙන්නේ? කාර්යාලයේ, නිවසේ කොටුවෙලාම ඉන්නේ නැතුව ස්වභාවධර්මය විඳින්නත් යන එක නේද හොඳම දේ?