සිහින් හැඩැති සිරුරක් පවත්වාගෙන යාමට අප කවුරුත් කැමතියි. ‘ටිකක් මහත් වෙලා’ කියන සිතුවිල්ලම සිතට වේදනාව ගෙන දෙන්නක්. නමුත් ඇත්ත වශයෙන්ම ඔබ ස්ථුල නම්, එය භයානකයි. අති ස්ථූලතාව යනු වර්තමානයේ හෘදරෝග, මධුමේහය හා පිළිකා වැනි වෙනත් බෝ නොවන රෝග තත්ත්ව හා එක්ව ලෝකයේ මරණ ප්‍රතිශතයෙන් 60% ක් සඳහා හේතු වන්නක්. එම ප්‍රතිශතය දිනෙන් දින ඉහළ යමින් පවතී.
මොකක්ද මේ අති ස්ථූලතාව?
අති ස්ථූලතාව හදුනාගැනීම සඳහා ශරීර ස්කන්ධ දර්ශකය භාවිත වේ. එය ඔබගේ ශරීර බර කිලෝ ග්රෑම් වලින් ගෙන එය මිටර්වලින් මැනගත් උසෙහි වර්ගයෙන් බෙදීමෙන් ලැබෙන අගයයි. ශරීරයේ උසට නියමිත බරක් පවත්වාගෙන යාමට මෙම දර්ශකය උපයෝගී කරගත හැකිය. ස්කන්ධ දර්ශකයෙහි (Body Mass Index-BMI) අගය 25 ට වැඩි නම් ශරීරය අධික භාරයකින් යුක්තය ^Overweight) . එම අගය 30 හෝ ඊට වැඩි අගයක් නම් ඔබ අති ස්ථුල (Obese) ගණයට වැටෙයි.
පුද්ගයෙක් අති ස්ථූල වන්නේ ශරීරයෙහි මේදය වැඩි වශයෙන් තැන්පත් වීමෙනි. අප ගන්නා ආහාරවල වැඩිපුර අඩංගු මේදය සාමාන්‍යයෙන් උදරය, කළවා. තට්ටම් හා ස්තන ප්‍රදේශ තැන්පත් වේ. උදරයේ අධික වශයෙන් මේදය තැන්පත් වීමෙන් හෘදරෝග හා මධුමේහ වැනි වෙනත් කාලීන බෝ නොවන රෝග සඳහා ඉහළ අවදානමක් ඇති වේ.
උදරයේ විශාලත්වය නිර්ණය කිරීමට උදරයෙහි වට ප‍්‍රමාණය (Waist circumference) ලබාගත යුතු වේ. පිරිමියෙකුගේ එම අගය 99 cm ට වඩා වැඩිවීම හා ස්ත‍්‍රියකගේ එම අගය 80 cm ට වඩා වැඩිවීම ඔහු හෝ ඇය අධික ශරීර භාරයකින් යුත් ^Overweight) පුද්ගලයෙක් ලෙස සළකයි. එමෙන්ම එම අගය 102 cm ට වඩා වැඩි පිරිමින් හා 88 cm ට වඩා වැඩි ස්ත‍්‍රීන් අතිස්ථූල (Obese) පුද්ගලයන් ලෙස සැළකේ.
අති ස්ථූලතාවය සමග එන රෝග අවදානම
නිරෝගී බව ඔබෙන් ඈත් කරමින් අති ස්ථූලතාව වෙනත් බෝ නොවන රෝග රැසක හිමිකාරිත්වය ඔබට ලබාදෙයි. ශරීරයේ තැන්පත් වන මේද ප‍්‍රමාණය වැඩිවන තරමට මෙන්ම අති ස්ථූලතාවයෙන් පෙළෙන කාලය දින, මාස, අවුරුදු ගණනින් වැඩිවන තරමට වෙනත් රෝග ඇතිවීමේ සම්භාවිතාව ද ඉහළ යයි.
අති ස්ථූලතාවය හා බැඳුණු වෙනත් රෝග තත්ත්ව වන්නේ,
x අධික රුධිර පීඩනය (Hypertension)
x පක්‍ෂාඝාත (Paralysis)
x හෘදරෝග (Heart diseases)
x මධුමේහය
x මේදෝ වෘද්ධි (රුධිරගත cholesterol ප‍්‍රමාණය ඉහළ යාම / Hyperlipidaemia)
x මානසික ආතතිය (Stress)
x නින්ද නොයෑම (Insomnia)
x පිළිකා තත්ත්ව – විශේෂයෙන් ස්තන පියයුරු පිළිකා, ගර්භාෂගත පිළිකා හා අන්ත‍්‍රගත පිළිකා
x සන්ධි රෝග (Joint disease)
රුධිර වාහිනීවල මේදය තැන්පත් වීමෙන් රුධිර වාහිනී අවහිර වේ. එවිට රුධිර වාහිනීවල පරිමාව අඩු වීම හේතුවෙන් අධික රුධිර පීඩන තත්ත්වයක් ඇතිවේ. අධිරුධිර පීඩනය හේතුවෙන් මොළයේ සියුම් රුධිරවාහිනී පිපිරීම හෝ ශරීරයේ වෙනත් ස්ථානයක සෑදුණු රුධිර කැටියක් මොළයේ නහරවල තැන්පත් වීම නිසා මොළයේ ස්නායු ෙසෙල වෙත රුධිර සැපයුම නොලැබීමෙන් පක්‍ෂාඝාත (Paralysis) තත්ත්වය ඇතිවේ. හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල රුධිරකැටි හෝ මේදය තැන්පත් වීමෙන් එම නාල අවහිර වී හෘද රෝග හටගනී.
රුධිරගත සීනි ප‍්‍රමාණය පාලනයට ඉන්සියුලින් හෝර්මෝනය වැදගත් වේ. නමුත් අධික ශරීර භාරයකින් යුත් හෝ අති ස්ථූලතාවයෙන් පෙළෙන පුද්ගලයන්ගේ ශරීරයේ ඉන්සියුලින් පැවතුණොත් ෙසෙල මගින් එම ඉන්සියුලින් භාවිතයට ගැනීමේදී ප‍්‍රතිරෝධයක් ඇතිවේ. එැබැවින් මධුමේහ තත්ත්වයක් ඇතිවීමට (type II Diabetes mellitus) එය හේතුවේ. දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් 90% ක්ම අධිභාරය හෝ අති ස්ථූල පුද්ගලයන් වේ.
ශරීරයේ බර වැඩිවන විට එම බර දරා සිටින සන්ධි වෙත අනවශ්‍ය පීඩනයක් ඇතිවේ. ඒ හේතුවෙන් අති ස්ථූල පුද්ගලයන්ගේ විශේෂයෙන් බර දරා සිටින සන්ධි එනම් දණහිස්, වළලූකර වැනි සන්ධිවල Osteoarthritis වැනි රෝග ඇති වේ. කලිනුත් සඳහන් කළ ආකාරයට අති ස්ථූලතාවයේදී ඉන්සියුලින් හෝර්මෝනයට ඇතිවන ප‍්‍රතිරෝධතාව මත රුධිරගත ඉන්සියුලින් සාන්ද්‍රණය ඉහළ යයි. මෙසේ ඉන්සියුලින් වැඩිවන විට ස්ත‍්‍රී ශරීරයේ පිරිමි හෝර්මෝන සාන්ද්‍රණය ද වැඩිවේ. එය ඩිම්බ කෝෂ (PCOS- Poly Cystic Ovarian Syndrome) වැනි රෝග තත්ත්ව ඇතිවීමට හේතුවක් වේ.
මෙහිදි ඔසප් වීමේ අක‍්‍රමිකතා, මුහුණු ආශ‍්‍රිතව අනවශ්‍ය රෝම හටගැනීම හා උදරය විශාල වීම වැනි ලක්‍ෂණ හටගනී. සාමාන්‍යයෙන් ස්ත‍්‍රියකගේ වැඩිපුර මේදය තැන්පත් වන්නේ පියයුරු හා තට්ටම් ආශ‍්‍රිතවයි. පිරිමියෙකුගේ නම් උදරයේය. මෙහිද’ පිරිමි හෝර්මෝන වැඩිවන නිසා ස්ත‍්‍රියකගේ සිරුරේ හැඩය සාමාන්‍යයෙන් තිබිය යුතු පෙයාර්ස් ගෙඩියක හැඩය වෙනුවට උදරය විශාල වීම හේතුවෙන් ඇපල් ගෙඩියක හැඩය ගනී.
අති ස්ථූලතාව සඳහා හේතූ
වැරදි ආහාර පුරුදු
තමා වැය කරන ශක්ති ප‍්‍රමාණයට වඩා වැඩිපුර ආහාර ගැනීමෙන් එම වැඩිපුර ශක්තිය සිරුරේ අනිවාර්යයෙන්ම තැන්පත් වී ක‍්‍රමයෙන් අති ස්ථූලතාවයට පැමිණේ. අධික වශයෙන් තෙල් (මේදය) හා සීනි (කාබෝහයිඩ්‍රේට්) අඩංගු ආහාර මගින් ශරීරයට ශක්තිය ලැබේ. වැඩිපුර පවතින ශක්තිය ශරීරයේ තැන්පත් වන්නේ මේදය වශයෙනි. මේදය පළමුව අක්මාවේ තැන්පත් වන අතර තවත් වැඩිපුර ලැබෙන ෙමිදය උදරය වැනි වෙනත් මේද පටකවල තැන්පත් වේ.
අක‍්‍රියාශිලී ජීවන රටාව
වර්තමාන සමාජයේ මිනිසා ගෙවන ජීවන රටාව තුළ බොහෝ කාර්යයන් සඳහා අතීතයේ මෙන් ශරීර ශක්තිය වැය නොවේ. ඇවිදීම වෙනුවට ගමන් බිමන් වාහනයෙනි. ගෘහස්ථ සියලූ කටයුතු යන්ත‍්‍ර මගිනි. එයින් ශරීරය වෙහෙස වී ශක්තිය වැයවීමේ අවස්ථාව මගහැරී යයි.
වෙනත් සමාජීය සාධක
අඩු ආදායම් ලාභී පවුල්වල සාමාජිකයන් අධික බර හා අති ස්ථූල බවට පත්වීමේ වැඩි ඉඩකඩක් සහිතයි. එයට හේතුව නිසි පෝෂණ සංයුතියකින් යුත් ආහාර නොගැනීම සහ අඩු අධ්‍යාපන මට්ටම මෙන්ම නිසි ව්‍යායාමයෙන් තොර ජීවන රටාවක් ගත කිරීමයි.
ඇතැම් ජානමය සාධක
ළමා කාලයේ අතිස්ථූල හා අධි බර සහිත දරුවන් වැඩිහිටි වූ විට අති ස්ථූල හා අධි බර සහිත පුද්ගලයන් වීමේ වැඩි සම්භාවිතාවයක් පවතී. මෙය ජානමය සාධකවල බලපෑමක් විය හැකි බවට විශ්වාස කෙරේ.
උපතේදී සිදුවන බලපෑම
අඩු උපත් බරකින් යුතුව බිහිවන දරුවන් මෙන්ම ගර්භාෂගත අවධියේ් නිසි පෝෂණයක් නොලබා මෙලොවට බිහිවන දරුවන් ද අති ස්ථූල වීමේ වැඩි ඉඩක් සහිතයි.
අතිස්ථූලතාව හා මේදෝ වෘද්ධිය
මේදෝ වෘද්ධිය යනු රුධිරගත මේද ප‍්‍රමාණය ඉහළ යාමයි. අතිස්ථූලතාවයේ ප‍්‍රතිඵලයක් ලෙස මේදෝවෘද්ධිය ඇතිවිය හැකියි. නමුත් රුධිරගත මේද ප‍්‍රමාණය වැඩි සෑම පුද්ගලයෙක්ම අතිස්ථූල පුද්ගලයෙක් නොවිය හැකිය. එනම් ශරීරයේ උසට නියමිත බරක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගේ වුවත් රුධිරගත ජයදකැිඑැරදක ප‍්‍රමාණය ඉහළ අගයක තිබිය හැකියි.
රුධිරගතව තිබිය යුතු සම්පූර්ණ ජයදකැිඑැරදක ප‍්‍රමාණය 200පටරැුාක පමණ වේ. එම අගය 200-239 පටරැුාක අගයන් ගන්නා විට එය අනිවාර්යයෙන් පාලනය කළ යුතුය. එම අගය 240 පටරැුාක හෝ ඊට වැඩිනම් ඔබට රුධිරගත මේද ප‍්‍රමාණය වැඩිවීමෙන් සංකූලතා ඇතිවීමේ හැකියාව සාමාන්‍ය මේද ප‍්‍රමාණයක් සහිත අයෙක්ට වඩා දෙගුණයකි.
රුධිරගත මේද ප‍්‍රමාණය ඉහළ ගිය විට ශරීරයේ පහළ වන ලක්‍ෂණ
සුළු කාර්යයකදී පවා හතිය (හුස්ම ගැනීමේ අපහසුව)
පිපාසය
නිතර ඇතිවන නිදිමත ස්වාභාවය
හේතුවකින් තොරව ශරීරයට වෙහෙස දැනීම
ඇගපත අප‍්‍රාණික බව
දහඩිය දුගද යුක්ත වීම
අධිකව දැනෙන කුසගින්න
ලිංගික කාර්යයන්හි හැකියාව අඩුවීම
අතිස්ථූලතාවය වළක්වා ගැනීමට
ඔබ උසට සරිලන මහතකින් යුත් පුද්ගයෙක් වුවත් අධික බරකින් යුත් පුද්ගලයෙක් වුවත් දැනටමත් අති ස්ථූලතාවයෙන් පෙළෙන පුද්ගලයෙක් වුවත් ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම හා එයින් ශරීරයේ ඇතිවන අතුරු ප‍්‍රතිඵල වළක්වා ගැනීමට කළ යුත්තේ නිරෝගී නිසි පාලනයකින් යුත් ආහාර ක‍්‍රම වේදයක් අනුගමනයත් ක‍්‍රමානුකූලව හා අඛණ්ඩව ව්‍යායාමවල නිරත වීමත්ය.
ආහාර පාලනය
නිසි පෝෂණ ගුණයකින් යුක්ත නමුත් අඩු කැලරි ප‍්‍රමාණයක් සහිත එනම් අඩු ශක්ති ප‍්‍රමාණයක් ශරීරයට ලබාදෙන ආහාර වෙත යොමුවීම වැදගත්ය. සංතෘප්ත තෙල් අඩංගු ආහාර එනම් කිරි හා කිරිවලින් කළ බටර්, බැටළු මස්, හැම්, බේකන්, සොසේජස් වැනි සකස් කරන ලද ආහාර, පීකුදු, බිත්තර වැනි සත්ත්ව අවයව හැකිතරම් ආහාරයෙන් ඉවත් කළ යුතුය. එසේම සීනි හා හකුරු යොදා සකස් කරන ලද බනිස් වර්ග, පුඩිම්, වටලප්පන්, කේක් වැනි රස කැවිලි හා පාන් පිටි වලින් සකස් කරන ලද ආප්ප, පිට්ටු, පාන්, රොටි ආදිය ද අති ස්ථූල්‍ය රෝගීන්ට අහිතකර වේ. මේවායින් ශරීරයට ලැබෙන ඛෘඛල ඪඛෘඛ වැනි අයහපත් කොලෙස්ටරෝල් ප‍්‍රභේද රුධිරනාල වල මේදය ලෙස තැන්පත් වේ.
විකල්ප වශයෙන් යොදය ඉවත් කරන ලද කිරි වර්ග, සම ඉවත් කරන ලද කුකුල් මස් භාවිත කළ හැකිය. නොපාහින ලද ධාන්‍ය වර්ග, අලූත් එළවළු හා පළතුරු වැඩිපුර ආහාරයට එක්කර ගත යුතුය. කුරක්කන් පිටි හා රතු සහල් පිටිවලින් කළ රොටි, ආප්ප, ඉ`දිආප්ප ඒ වෙනුවට ආහාරයට ගත හැකිය. ක්‍ෂණික ආහාර වලින් මිදී එළවළු හා පළතුරු හා ධාන්‍ය සපිරි ස්වභාවික ආහාර වේලක් අනුගමනයෙන් පැහැදිලිවම ශරීරයේ බර වැඩිවීම පාලනය කළ හැකිය.
ව්‍යායාම
ශරීරයේ බර අඩු කර ගනිමින් හෘදරෝග ඇතුළු රෝග ගණනාවක අවදානමෙන් මිදීම ස`දහා දිනපතා ව්‍යායාමවල යෙදීම අත්‍යවශ්‍ය වේ. කෙතරම් කාර්යබහුල වුවත් ව්‍යායාම සදහා දිනකට පැය භාගයක තරම්වත් කාලයක් වෙන්කර ගත යුතුය. ව්‍යායාම මගින් ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් වේ. ශාරීරික හා මානසික විඩාව, ආතතිය දුරුවන අතර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලැබී ආයු කාලය දිගු වේ.
දිවීම, පිහිනීම, ඇවිදීම, බයිසිකල් ධාවනය වැනි ව්‍යායාම ද යෝග ව්‍යායාමද ඉතා සුදුසු වේ. ඉතා තරබාරු පුද්ගලයෙක් නම් හෝ සන්ධිරෝග ආදියෙන් පීඩා විදින බැවින් දිවීම හෝ ඇවිදීම වැනි ව්‍යායාම අපහසු නම් වෛද්‍යවරයෙක් මුණගැසී සුදුසු ව්‍යායාම නිර්දේශ කරගත යුතු වේ.
මතක තබාගන්න…
ශරීරය අධික බරින් යුක්ත වීම මෙන්ම අධික තරබාරුව ද ඖෂධීය ප‍්‍රතිකාරවලින් තොරව වුවත් නිසිසේ පාලනය කළ හැකිය. සුදුසු ආහාර හා ව්‍යායාමවලින් යුත් ජීවන රටාවක් මගින් සිරුරේ බර වැඩිවීම වළක්වාගත හැකිය. ඒ ස`දහා මනා කැපවීමක් මෙන්ම රෝග තත්ත්වය පිළිබ`දව නිවැරදි අවබෝධයකින් යුතුව ක‍්‍රියාශීලි සමබර ජීවිතයක් පවත්වා ගැනීමත් අත්‍යවශ්‍ය වේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යාතනයේ පශ්චාත් උපාධි අපේක්ෂිකා වෛද්‍ය ආර්. එල්. ඞී. එස්. රණසිංහ සමග කරන ලද සාකච්චාවක් ඇසුරිනි.